ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇති බවයි.
එබැවින් කිසිඳු බාධාවකින් තොරව සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස දෙක අතර මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content