ජනාධිපතිවරණය කල් දැමීමට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් උත්සහ දරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළා.

කුමන්ත්‍රණකාරි කටයුතු තුළින් ජනාධිපතිවරණය නොපැවැත්වීමට අතැම් පාර්ශව පසුබිම සකස් කරමින් සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

ජනතාවට හිමිවිය යුතු මැතිවරණ අයිතිය වහා ලබා දීමට කටයුතු කරන ලෙස වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content