ජනාධිපතිවරණයේ වියදම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරයත් වැඩි වන්නේ නම් වැඩි වන සෑම අපේක්ෂකයෙකු සදහාම අතිරේකව රුපියල් මිලියන 200ක මුදලක් දැරීමට සිදුවන බවයි.

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙවර ජනාධිපතිවරණය සදහා මේ වන විට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වුණා.

WhatsApp Group

Skip to content