ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ආරම්භ වනවා .

ඒ අනුව හෙට සහ අනිද්දා යන දිනවලදී ද ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල , මැතිවරණ කාර්යාලවල සහ පොලිසි වල නිලධාරීන්ට අද දිනයේදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදාවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ.
සෙසු රාජ්‍ය ආයතන නිලධාරීන්ට හෙට සහ අනිද්දා දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට අතපසු වන පුද්ගලයන් සදහා ලබන 11 සහ 12 යන දින දෙකේදී තම සේවාස්ථානය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය භාවිතා කල හැකි වනවා.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව හත් ලක්ෂ දොළොස් දහස් 318 ක්.

WhatsApp Group

Skip to content