ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම හෙට මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි.

මේ වන විටත් ජනාධිපතිවරණ මැතිවරණය සදහා අපේක්ෂකයින් 32 දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පිළිගත් දේශපාලන පක්ෂ 16 ක අපේක්ෂකයින් ඒ අතරට ඇතුලත්.

වෙනත් කාණ්ඩය යටතේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධින අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා.

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කෙරුනේ පසුගිය ජුලි මස 26 වනිදායි.

පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා කරන අපේක්ෂකයෙකුට රුපියල් පනස් දහසක මුදලක් ඇප ලෙස තැන්පත් කල යුතු වනවා .

වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන අපේක්ෂකයෙකු ඇප ලෙස තැන්පත් කල යුතු මුදල රුපියල් හැත්තෑ පන්දහසක් .

එමෙන්ම ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම ලබන 15 වනදා සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content