ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
මුද්‍රනාලා ධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසන්නේ අද නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුව එම කටයුතු ආරම්භ කරන බවයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියද 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් මෙවර පත්‍රිකාවේ සිදු නොවන බවයි ඇය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content