ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අද සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසනවා.

නාමයෝජනා බාර දීමේ කටයුතු ඊයේ අවසන් වීමත් සමග මැතිවරණ කොමිෂන් සභාව විසිනු මුද්‍රණ කටයුතු සදහා අනුමැතිය ලබා දෙනු ඇති බවයි ඇය සදහන් කළේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියද මැතිවරණ පත්‍රිකාවේ වෙනසක් සිදු නොවන බවයි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සදහන් කළේ.

එමෙන්ම 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී එහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ද ගංගානි කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content