2024 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 437ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළයි මෙම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ.

මෙවර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙනුයි.

එමෙන්ම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද එක් පැමිණිල්ලක් වාර්තා වන මැතිවරණ කොමිසම සදහන් කළා.

WhatsApp Group

Skip to content