ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින තම 75 වන ජන්ම දිනය සමරයි.

1949 මාර්තු 24 දින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ මහත්මියට දාව පවුලේ දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන අතර එතුමා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 21 සිට ශ්‍රී ලංකාවෙහි වත්මන් ජනාධිපතිවරයා වේ. ඔහු වත්මන් ආරක්ෂක අමාත්‍ය, මුදල් අමාත්‍ය, තාක්ෂණ අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ද වේ.

ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. එතුමා 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම එතුමා 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්‍ෂ නායක ලෙසද කටයුතු කළේය.

WhatsApp Group

Skip to content