ලබන ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල සියයට 11 කින් පමණ ඉහළ යනු ඇතැයි පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ලබන ජනවාරි මාසයේ  සිට බලපැවැත්වෙන පරිදි වැට් බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නංවන බව රජය ප්‍රකාශ කර ඇති බවයි.

ඊට අමතරව දැනට වැට් බද්දට යටත් නොවන භාණ්ඩ හා සේවා සදහා ද වැට් බදු එකතු කරන බවයි රජය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව වර්තමානයේ වැට් බද්දට යටත් නොවන භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල්, සඳහා මෙන්ම  ගල් අගුරු සදහා ද වැට් බද්ද එකතු වන බවයි ඒ මහතා සඳහන් කලේ.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව ද තවත් ඉහළ යනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content