ඉන්දීය තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රදීප් කේ. විජයන් සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
එරට මාධ්‍ය සඳහන් කරන්නේ දින 02ක් පුරා මෙම රංගන ශිල්පියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ ඔහුගේ මිතුරන්ට ඇතිවූ සැකයක් මත පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

එහිදී ඔහුගේ අගුළු දැමූ නිවස පිළිබඳ සැක මතුව පසුව පොලිසිය අගුළු කඩා නිවසට ඇතුළු වී ඇති අතර එහිදී නිවස තුල මියගොස් සිටි විජයන්ගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙනෙන්නට තිබුනත්, මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ..

WhatsApp Group

Skip to content