අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි.

2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව ඉලක්ක ජයගැනිමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සදහා සැප්තැම්බර් 18 වන දා සිට 21 වන දා දක්වා අදාළ සමුඵව පැවැත්වෙනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුඵව ඇමතීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වන දායි.

එහිදි ජනාධිපතිවරයා 2030 වෙනුවෙන් පරිවර්තනීය, වේගවත් ක්‍රියාදාමයක් සදහා ලෝක නායකයින් සමග පවත්වන රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිත බවටයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මේ අතර සංවර්ධනය සදහා වන මූල්‍යකරණය පිළිබද ණය තිරසරභාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම යන මැයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම සිය නව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙන්ම අනෙකුත් සාමාජික රටවල නායකයින් හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content