ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්‍රධානී අජේ බන්ගා අතර හමුවක් පවත්වා තිබෙනවා.

එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදී ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මධ්‍ය අංශය සඳහන කළේ.

මේ අතර තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ද ඊයේ දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබෙනවා.

නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදීයි මෙම සමුළුව පැවැත්වෙන්නේ.

2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කරගැනීම සඳහා නව අධියරක් එහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content