පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ පොලිස්පති ධුරයට අයෙකු පත් කරනු ලබන්නේ වැඩබැලීම සදහා මාස 3 ක කාලයකට පමණක් බවයි ආරංචි මාර්ග සදහන් කලේ.

පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිව අද වනවිට සති දෙකක කාලයක් ගත වී තිබෙනවා.

WhatsApp Group

Skip to content