නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීම කඩිනමින් සිදුවනු ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබු මාස තුනක සේවා දිගුව පසුගිය 26 වනදායි අවසන් වුණා.

ඒ අනුවයි නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද අදහස් පළවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරාගෙන් මෙලෙස විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/DALAS-EDIT-1.mp3?_=1

මේ ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/07/DINESH-GNAWARDANA-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content