ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන අගහරුවාදා පස්වරු 03ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙනු ඇති.

බලය බෙදීම සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ ජනතා ජාතික පෙරමුණ, දෙමළ ජාතික පක්ෂය සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය යන පක්ෂ හයේ නායකයන්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය යොමුකර ඇත්තේ.

ඔවුන් සිය ලිපිය මගින් ඉලා ඇත්තේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට බල කරන ලෙසයි.

WhatsApp Group

Skip to content