පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබද කතෝලික රදගුරු සභාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික රදගුරු සංගමය විසින් අධ්‍යනය කිරිමෙන් පසු මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි.

අදාළ විමර්ශන වාර්තාව පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික රදගුරු සංගමය වෙත භාර දී තිබුණා.

මේ සම්බන්ධයෙන් හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමියන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකිරීමට එකග විමේ හැකියාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනස් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම සදහා ප්‍රතිපාදන නොමැති බව ද අදාළ නිවේදනය මගින් අවධානරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content