ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාත්‍රා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.
අද දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වන දා සිදු කරන ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා හමු වූ බවයි.
ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතු`ඵ සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිනියා.

මේ අතර ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

WhatsApp Group

Skip to content