ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් දේශපාලන තත්ත්වය සම්බනධයෙන් මෙහිදී දෙරටේ නායකයින් අවධානය යොමු කරනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් නොවැලැක්විය හැකි හේතුවෙන් මත ඊට සහභාගි වීමට නොමැකි බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල ජන රැළිය අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content