ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

එහිදි දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

ඉන් පසුවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුව ආරම්භ කෙරුණේ.

මෙහිදී දේශිය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙල පිළිබද මන්ත්‍රිවරුන් දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට රටතුල දැඩි ආන්දෝලනයට ලක්ව ඇති අස්වැසුම වැඩසටහන පිළිබදව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබුණා.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ අස්වැසුමෙන් සාකච්ඡාව උණුසුම් තත්ත්වයක් ගත් බවයි.

 

https://www.vnews.lk/storage/2023/06/SANJEEWA-EDIT.mp3?_=1

පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා ද මෙහිදී මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/06/JAGATH-KUMARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content