ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා.
ඒ අනුව අනිද්දා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බව සදහන් .
ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවටයි වාර්තා වන්නේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා .

පසුගියදා සිය ඉන්දිය නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද, 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබුනා .

WhatsApp Group

Skip to content