වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000 ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කර ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු පාර්ශවයන් වෙත දැනුම් දී තිබෙනවා.

මුලතිව් දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාම නිලධාරිවරුන් සහ පළාතේ මහජන සංවිධානවල නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මහවැලි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලතිව් ජනතාවට අයත් ඉඩම් අක්කර ලක්ෂයක් පමණ බලහත්කාරයෙන් සීමා මායිම් යොදාගෙන ඔවුන් විසින් අත්පත් කරගෙන සිටින බවයි.

මේ පිළිබද වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසුව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවකින් අනතුරුව එම ඉඩම් නිදහස් කරන ලෙස නියෝග ලැබී ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content