ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතයි.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්වන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා 18වන සෙනසුරාදා ඉන්දුනීසියාව බලා පිටව යාමට නියමිතයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කරනු ඇති.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content