ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබනෙවා.

ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහායි.

එම සමුළුව අද(30) දින සිට දෙසැම්බර් මස 12 වනදා දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන් සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවටද වාර්තාවනවා.

ඒ අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක්.

WhatsApp Group

Skip to content