රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු සහභාගීව පළමු ජන රැළිය මාර්තු 10 වැනිදා කුලියාපිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එම ජන රැළිය ‘සැබෑව’ යන තේමාව යටතේ පැවැත්වෙන බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content