පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් ඇඹිල්ලවත්ත පාර ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් සොරාකම් කර ඇති අතර, ඔහුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද (01) දින දඬුවම් නියම කර ඇත.

ඒ අනුව එම පුද්ගලයාට මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබේ.

මේ අතර එදිනම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ තිබූ ලෝහමය හක් ගෙඩියක් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සොරාගැනීමේ වරදට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා ඇත.

ඔහුට රු 1,500ක දඩයක්ද නියම කර ඇති අතර, එය නොගවෙන්නේ නම් මාසයක බරපතළ වැඩසටහිත සිරදඬුවම් නියම කර තිබේ.

WhatsApp Group

Skip to content