අනාගත දේශගුණ විපර්යාසවලට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීට රටවල් කේන්ද්‍රකර විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන නිල සංචාරක නිරත ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

අදාළ නව වැඩපිළිවෙල අනාගත දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට දැවැන්ත රුකුලක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

දේශගුණ විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයක ශ්‍රී ලංකාව යෙදී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

WhatsApp Group

Skip to content