එළඹෙන පාර්ලිමේන්තු සතිය තුල විදෙස් ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හට දැනුම් දී ඇති බව වාර්තා වනවා .

මීලග පාර්ලිමේන්තු සතිය සැප්තැම්බර් 5, 6 ,7 සහ 8 යන දිනයන්හිදී පැවැත්වෙනවා .

එම දිනයන් තුල සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන එයට අදාළ ඡන්ද විමසීමට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අදාළ දැනුම්දීම ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content