මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග මෙම සාකච්ඡාව පැවැති බවයි.

ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

සාකච්ඡාවකට එක්ව සිටි නියෝජිතයින් විසින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව දියුණු කිරීමට සහ ආදායම වැඩිකර ගැනීමට අදාළ යෝජනාවලියක් ජනාධිපතිවරයා භාර දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

මේ අතර එළඹෙන අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන කැදවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් පලවුණා.

මේ එම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/11/ROHITHA-ABEGUNAWARDHANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content