ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැමැත්ත පල කර තිබෙනවා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ.
අමත්‍යවරයා සඳහන් කලේ විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content