මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුනා.එහිදී ජනාධිපතිවරයා සඳහන් කලේ උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බවයි.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබාදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
එමෙන්ම උඩරට කලා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කම්කරු අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණ ද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයාබලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බවයි කියා සිටියේ.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහි දී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content