ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමි හමුවී තිබෙනවා.
ඒ මන්නාරම රදගුරු නිල නිවසේ දියි.
එහිදී රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය උන්වහන්සේ අගය කර ඇති බව සඳහන්.

එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ උන්වහන්සේ සාකච්ඡා කර තිබෙනවා..

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content