ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් .

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වනවා.

2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූනා.

එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම ද විශේෂත්වයක් .

 

WhatsApp Group

Skip to content