ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

මහනායක හිමිවරුන් සමග රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම උන්නාන්සේලා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content