ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව , තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

කියුබාවේ භවානා නුවරදී ආරම්භ වු ජී 77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණා.

සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විවිධ බහුපාශවික සංසදයන් තුළ දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති භූමිකාව අගය කරන බවයි.

WhatsApp Group

Skip to content