ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහ අනිද්දා යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතවනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමකට අනුවයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ස්ථාපිත කර වසර 75ක් සපිරිමේ සංවත්සරය මෙම වසරේදී පැවැත්වෙන පසුබිමකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රවුපදි මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමුවීමට නියමිතයි.

එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබද සාකච්ඡා කරනු ඇති. දෙරට අතර දීර්ඝකාලීන සබදතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ .

WhatsApp Group

Skip to content