ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනජරි මහත්මිය හමුවී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ කියුබානු සංචාරය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

ඉන්දියාවේ විපක්ෂ සංධානයකට නායකත්වය ලබා දීමට සුදානමක් පවතින්නේදැයි මෙහිදී ජනාධිපතිවරයා මමතා බැනජරි මහත්මියගෙන් විමසා සිටියා.

එම තීරණය ජනතාව මත රදා පවතින බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක් සදහා ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

ජී 77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේ භවානා නුවරදී හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content