ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

අද පෙරවරුවේ දිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බහුවිධ ව්‍යාපෘති ගවේෂණය කිරීම සදහා ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි ඉන්දියාවේ සංචාරයක් සදහා පිටත්ව ගියේ.

 

WhatsApp Group

Skip to content