මාර්තු 12 ව්‍යාපාරය මගින් සංවිධානය කර ඇති විවාදය සදහා ජනාධිපති අපේක්ෂකයින් 16 දෙනෙකු සිය එකඟතාව පල කර තිබෙනවා.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙම විවාදයට එක්වන බවට මේ වන තෙක් දැනුම් දීමක් සිදු කර නැහැ.

මේ පිලිබදව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අදහස් පල කළා.

මේ අතර ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරනවා.

ඒ පිළිබඳ ඊයේ දිනයේදී ඔහු විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටයි කටයුතු කලේ.

WhatsApp Group

Skip to content