2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය අද දින අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

එම සංවිධානය නිවේදනය කළේ මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත බවයි.

එහි පළමු අදියර එළඹෙන 07 වනදා පැවැත්වෙනු ඇති අතර දෙවන අදියර 8 වනදාද තෙවන අදියර 09 වනදාද පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපති ධුර අපේක්ෂකයින් බොහෝ දෙනෙකු මීට සහභාගීවීමට නියමිතව ඇති බව සදහන්.

එම විවාදයේදී ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමුකිරීමට මහජනතාවටද අවස්ථාව ලබාදී ඇති අතර එලෙස ප්‍රශ්න යොමුකරන ප්‍රශ්න භාරගැනීම අද දිනයෙන් අවසන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content