සියලු ජාතීන් නියෝජනය වන රජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවකදී කියා සිටියේ රට තුළ ජාතිවාදයට ඉඩක් නොදෙන බවයි.

එක් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයට නොහැකි වී ඇති බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

ජනතාවාදි යුගයක් ගොඩනැගිම වෙනුවෙන් කැපවන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කිය සිටියා.

 

WhatsApp Group

Skip to content