මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමෙන් අනතුරුව සුභ දායක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජන රැලියකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ.

දිවයිනේ ක්ෂේත්‍ර රැසක පුද්ගලයින් සදහා ඉන්ධන සහනාධාර ලබා දීමට පියවර ගන්නා බව සමග්හි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ ජන හමුවකට එක් වෙමින්.

මෙරට ඉතිහාසයේ පැවති දේශපාලන සිතියම මෙවර ජනාධිපතිවරණයේදී වෙනස් වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ ජන රැලියකට එක් වෙමින්.

හිටපු ජනාධිපති මහිඔන්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තමා විසින් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජන රැලියකට එක් වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

WhatsApp Group

Skip to content