ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ තවත් පිරිසක් එක් ව තිබෙනවා..

යාපන දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන මහත්වරුයි මෙලෙස ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා එක්ව ඇත්තේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා පවසනවා.
ඒ අනුව තමන්ද වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන බවයි ඒ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content