ක්‍රමිකව විසදෙමින් තිබෙන දේශපාලන, සමාජ සහ ආර්ථික වියවුල සමනය කොට ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ධර්ම මාර්ගයේ යමින් රට මතුව තිබු තත්ත්වයෙන් ඉදිරියට පැමිණි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිදු හිමියන් දෙසු තථාගත දහම හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේ බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

පිවිතුරු බුදුදහමත් , හරවත් බොදු උරුමයත් සුරකීමට කැපවන ලෙස ජනාධිපතිවරයා සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content