ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ඉටු කළ සුවිශේෂි භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක්කර සම්පාදනය කළ “Press Vs Prez” කෘතිය අද එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදීයි මෙම කෘතිය එළිදැක්වීමට නියමිතව ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසරේ ජුනි 23 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්දා සිට 2023 මැයි මාසය දක්වා පුවත් පත්වල පළවු කාටූන් 600ක් පමණ මෙම කෘතියට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කෘතියක් රචනා කර තිබෙනවා. 2022 වසරේ තමන්ට මුහුණදීමට සිදු වූ සියලු අභියෝග පිළිබදව අදාළ කෘතියේ සදහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකීය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණය සහ ප්‍රචණ්ඩකාරි උද්ඝෝෂණය තුළින් නෙරපාහැරීම පිළිබද වෘත්තාන්තය යනුවෙන් එහි පසුපස කවරයේ සදහන් වනවා.

මෙම කෘතිය අද දින නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content