එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව  පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එම වැඩපිළිවෙල සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බවයි  අමාත්‍යවරයා සදහන් කලේ .

පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

මේ අතර නිසි ප්‍රමිතියට නොමැති ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමාට විවිධ චෝදනා එල්ල වු බවද කෙහෙළිය රබුක්වැල්ල  මහතා සදහන් කළා.

කෙසේවෙතත් විවිධ පාර්ශව එල්ල කරන එම චෝදනා ප්‍රතිකේෂ්ප කරන බවද ඔහු පැවසුවා.

https://www.vnews.lk/storage/2023/11/KEHELIYA-ABUKWALLA-EDIT.mp3?_=1

මේ අතර ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රතිදේහ එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයෙ  ප්‍රකාශ සටහන් කරගෙන  තිබුනා .

ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අවසරය අනුවයි .

WhatsApp Group

Skip to content