21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සදහා විදෙස් රටවල්වලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉදිරි සති 2 තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබද නව කොමිසමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබාගත හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී අවම වශයෙන් නව විශ්ව විද්‍යාල 10 ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන බවත් ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදි රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබාදෙන බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

එම පත්වීම ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

WhatsApp Group

Skip to content