ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 18 වන වතාවටත් යාමට තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා පවසනවා .

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවක් අමතමින් .

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එයට සහාය දැක්වීම පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා .

ඉන් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා .

https://www.vnews.lk/storage/2023/04/RANIL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content