මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් පළමුවනදා සිට හෙක්ටයාරයකට ලබා ගෙන පොහොර සහනාධාරය රුපියල් 25000ක් දක්වා ඉහළ නැංවීමටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

මහ කන්නය සදහා මෙතෙක් හෙක්ටයාරයක් සදහා ගෙවනු ලැබුවේ රුපියල් 15000ක දීමනාවක්.

කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙම සහනාධාරය ගොවි ජනතාවට ලබා දීම සදහා අදාළ මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඔක්තෝබර් පළමුවනදා සිට ධීවර ප්‍රජාව සඳහා ද ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඩා සිටුවා, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මෙහි මුලීක අරමුණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content