ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදීයි මේ බව තහවුරු කර ඇත්තේ.

මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ද සාගල රත්නායක මහතා දැනුම්වත් කර තිබෙනවා.

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content